හරි හරි ඔය කතා කරා ඇති..
මම මේ ලිපිය ලියන්නේ අපේ ගුවන් හමුදාව ගැන,අපේ ගුවන් හමුදාව දැනට පාවිච්චි කරන ගුවන් යාන එහෙම ගැන..
දන්නවද යාලුවනේ අපේ රටේ ගුවන් හමුදාවක් මුලින්ම පිහිටවල තියෙන්නෙ 1951..ඒ කියන්නේ දැන් අවුරුදු 60ක්ම වෙනවා නොවැ..(ඒ උනාට ඉතින් තාමනම් බිමින් යන පාටක් නෑ වගේ) :D
(1)BELL-206
හරි..අපි මුලින්ම පටන් ගමුකෝ ගුවන් නියමුවෝ පුහුණු කරන හෙලිකොප්ටරේකින්ම,
ඒ තමයි BELL-206 හෙලිකොප්ටරය
මේ හෙලියට පුලුවන් පැ.කි.මි 193 ක වේගෙන් යන්න,උස අඩි 10ක් විතර වෙනවා,
නියමුවොයි මගීනුයි 5ක් මේකෙ එක පාරකට යන්න පුලුවන්..
මේකක් මුලින්ම ලංකාවට ගෙනත් තියෙන්නෙ 1969
අද වෙනකන්ම මෙයා අපේ ගුවන් නියමුවෝ පුහුණු කරන්න විශාල කාර්යභාර්යක් කරපු කෙනෙක්
(2)BELL212 & 412
හරි අපි දැන් බලමුකෝ තවත් ගොඩක් වැදගත් කෙනෙක් ගැන..මෙයා තමයි BELL 212 කියන්නේ..
මෙයාවනම් ඔයාල හොදට අදුරන කෙනෙක් යාලුවනේ..ඔය ලැව් ගිනි
(ලව් ගිනි එහෙම නෙවේ හොදේ :D) එහෙම උනාම උඩින් වතුර දාන්නේ මෙයා තමයි..
මෙයාගේ උපරිම වේගේ පැ.කි.මි 258ක් විතර වෙනවා
13දෙනෙකුට යන්න පුලුවන්..යුද්ධෙ දවස් වල මෙයා තමයි ඉස්සරහටම ගිහින් අපේ තුවාල උන අය ගෙනාවේ,
1984 තමයි මුලින්ම එකක් මෙහාට ගෙනත් තියෙන්නේ..
තව පොඩ්ඩෙන් අමතක වෙනව නොවැ..මෙයාට ඉන්නවා නිවුන් සහෝදරයෙක් එයා තමයි BELL 412..ඔයාල දැකල තියනවනේ යාලුවනේ අපේ ප්රභූවරු යන හෙලිකොප්ටරේ..ඒක තමයි මේ BELL 412 කියන්නේ..






