Pages

Thursday, August 18, 2011

60 පිරුනත් බිමින් නොයන අපේ ගුවන් හමුදාව - 1

ඔන්න ඉතින් ගොඩක් දවසකින් පෝස්ට් එකක් දැම්මෙත් නෑනේ ඒක නිසා මම හිතුවා පොඩ්ඩක් වෙනස් විදිහේ දෙයක් ගැන ලිපියක් දාන්න..ඇත්තටම බ්ලොග් ලියන අනිත් යාලුවෝ දිහා බැලුවාම හිතෙනවා ඒ වගේ ලිපි ලියන්න මුන් කොහෙන් වෙලාව හොයාගන්නවද කියල (හික්ස් :D)
හරි හරි ඔය කතා කරා ඇති..
මම මේ ලිපිය ලියන්නේ අපේ ගුවන් හමුදාව ගැන,අපේ ගුවන් හමුදාව දැනට පාවිච්චි කරන ගුවන් යාන එහෙම ගැන..
දන්නවද යාලුවනේ අපේ රටේ ගුවන් හමුදාවක් මුලින්ම පිහිටවල තියෙන්නෙ 1951..ඒ කියන්නේ දැන් අවුරුදු 60ක්ම වෙනවා නොවැ..(ඒ උනාට ඉතින් තාමනම් බිමින් යන පාටක් නෑ වගේ) :D

(1)BELL-206
හරි..අපි මුලින්ම පටන් ගමුකෝ ගුවන් නියමුවෝ පුහුණු කරන හෙලිකොප්ටරේකින්ම,
ඒ තමයි BELL-206 හෙලිකොප්ටරය
මේ හෙලියට පුලුවන් පැ.කි.මි 193 ක වේගෙන් යන්න,උස අඩි 10ක් විතර වෙනවා,
නියමුවොයි මගීනුයි 5ක් මේකෙ එක පාරකට යන්න පුලුවන්..
මේකක් මුලින්ම  ලංකාවට ගෙනත් තියෙන්නෙ 1969
අද වෙනකන්ම මෙයා අපේ ගුවන් නියමුවෝ පුහුණු කරන්න විශාල කාර්යභාර්යක් කරපු කෙනෙක්



(2)BELL212 & 412
හරි අපි දැන් බලමුකෝ තවත් ගොඩක් වැදගත් කෙනෙක් ගැන..මෙයා තමයි BELL 212 කියන්නේ..
මෙයාවනම් ඔයාල හොදට අදුරන කෙනෙක් යාලුවනේ..ඔය ලැව් ගිනි 
(ලව් ගිනි එහෙම නෙවේ හොදේ :D) එහෙම උනාම උඩින් වතුර දාන්නේ මෙයා තමයි..
මෙයාගේ උපරිම වේගේ පැ.කි.මි 258ක් විතර වෙනවා
13දෙනෙකුට යන්න පුලුවන්..යුද්ධෙ දවස් වල මෙයා තමයි ඉස්සරහටම ගිහින් අපේ තුවාල උන අය ගෙනාවේ,
1984 තමයි මුලින්ම එකක් මෙහාට ගෙනත් තියෙන්නේ..
තව පොඩ්ඩෙන් අමතක වෙනව නොවැ..මෙයාට ඉන්නවා නිවුන් සහෝදරයෙක් එයා තමයි BELL 412..ඔයාල දැකල තියනවනේ යාලුවනේ අපේ ප්‍රභූවරු යන හෙලිකොප්ටරේ..ඒක තමයි මේ BELL 412 කියන්නේ..


(3)MI 17
මම 3 වෙනියට කියන්න යන්නේ තවත් පොඩ්ඩක් ප්‍රසිද්ධ කෙනෙක් ගැන..එයා තමයි MI 17..
මෙයා මෙහෙම හිටියට ලොකු බස් එක්කටත් වඩා ලොකුයි..පැ.කි.මි 240ක වේගෙන් යන්න පුලුවන්..මගීන් ගාන 32යි..(පොඩි TATA බස් එකක දාන්න පුලුවන් ගානත් මේකනේ)
යුද්දේ කාලෙ මෙයත් ඉතින් කොරේ බර ඇද්ද එක තමයි..
ලංකාවට ගෙනත් තියෙන්නේ 1993 කියනවනේ..ලෝකේ පුරා මෙයාල ගොඩක් පාවිච්චි වෙනවා..හදල තියෙන්නේ රුසියාවේ..

(4) MI 24
ඔන්න ඉතින් මෙයාවනම් පොඩි අය හිටන් අදුරන කෙනෙක්..යුද්දේ කාලේ හිටියෙම ඉස්සරහනේ..ඒක නිසා මෙයා ගැනනම් මම වැඩිය මොකුත් කියන්න යන්නේ නෑ..
මෙයාව ගෙනල්ල තියෙන්නේ 1995 උපරිම වේගෙ පැ.කි.මි 270ක් විතර වෙනවා..කට්ටිය මෙයාට කියනව පියාබන යුද්ධ ටැංකිය කියලය.
ඒකෙන්ම  හිතාගන්න පුලුවන්නේ මෙයාගේ ප්‍රහාරක ශක්තිය කොච්චරද කියලා..



හෆ්ෆේ දැන්නම් ඇති වගේ..ඕව වල දිග පළල එහෙම දාල වැඩක් නැති නිසා දැම්මෙ නෑ ඕං
මම ඊ ලගට දාන්නම්කෝ අපේ තියන අනිත් Flights ගැන  (පයිලට් කෙනෙක් එහෙම වෙන්න කැමති එකෙක් හෙම ඉන්නවනම් කියන්න ඔනේ හොදේ :D පයිලට්ල වෙන්න හිතන තරම් අමරු නෑ නොවැ..)

3 ක් මෙහෙම කියලා:

  1. එම්.අයි. 24... කවදාව අමතක නොවෙන පියාඹන යුද්ධ ටැංකිය

    ReplyDelete
  2. අර යාලුවා නැති උනේ මේ ලගදි නේද??මට මතකයි..හ්ම්ම්ම් හොද නියමුවෝ 2ක් නැති උනා අපිට..:-(

    ReplyDelete
  3. සැරිසරණ ගමන් ඔබේ ගිමන් හලෙත් නැවතුණි.

    ReplyDelete

 

මම ගැන

My photo
මම විශ්ව.මගේ පිටුව ගැන ඔයාලගේ අදහස් මට කියන්න මෙන්න මගේ e mail address එක vishwa6119@gmail.com