Pages

Wednesday, August 31, 2011

කැමතිද පයිලට් කෙනෙක් වෙන්න??

ඔන්න ටික දවසකින් මම ටිකක් Free උනා..ගොඩක් දවසකින් බ්ලොග් එකට පෝස්ට් එකක් දාන්නත් බැරි උනානේ වැඩ නිසා
මම අද  කියන්න හදන්නේ කොහොමද ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පයිලට් කෙනෙක් වෙන්නේ කියලා..හැබැයි ඉතින් මේක වැදගත් වෙන්නේ අවුරුදු 22ට අඩු අයට විතරයි..
ගොඩක් අය හිතන්නේ පයිලට් කෙනෙක් වෙන්න ගොඩක් සුදුසුකම් තියෙන්න ඕනේ කියලයි..ඒක එහෙමම නෙවෙයි..මම කියන්න යන්නේ මේකට ඕන අවම සුදුසුකම් ගැනයි..


මේවා තමයි ඕනෙ වෙන මූලික සුදුසුකම්,

1. ශ්‍රී ලාංකික පුරවැසියෙක් වීම
2. අවිවාහක වීම
3. අවුරුදු 18ත් 22ත් අතර වීම
4. උස අඩි 5යි අගල් 6ට වඩා වැඩි වීම
5. ශරීර ස්කන්ධ දර්ශකය 25ට වඩා අඩු වීම (බර Kg /උසේ වර්ගය m)
6. ඇස් පෙනීම 6/6
මූලිකවම ඕනෙවෙන අධ්‍යාපන සුදුසුකම් තමයි අ.පො.ස (සා/පෙළ) විභාගයට S පාසස් 6ක් ඒ අතර C 4ක් තියෙන්න ඕනේ ගණිතය,විද්‍යාව,ඉංග්‍රීසි වලටත් එක්ක..

අ.පො.ස (උ/පෙළ) විභාගයට S පාසස් 2ක් ඕනේ (කැළනි කැම්පස් එකෙන් දෙන Degree එක ගන්නනම්  S 3ක් තියෙන්න ඕනේ)
මේ සුදුසුකම් තියන ඕනේ කෙනෙක්ට වේකන්සීස් හැම අවුරුද්දෙම ගැසට් කලාම Apply කරන්න පුලුවන්..
ඒත් මතක තියාගන්න ගොඩක් හොදට Exam කරපු අයත් Interview වලට එනවා..
මේ ඇරුනම ජාතික මට්ටමෙන් ක්‍රීඩාවක් එහෙම කරල තියනවනම් Interview වලදි ඒවට ලකුණු හම්බෙනවා..
ඒ වගේම ඇස් පෙනීම වගේ ඒවා හරියටම බලනවා Medical එකේදි..
තව පිසිකල් ටෙස්ට් එකකුත් තියනවා ඒකත් පාස් වෙන්න ඕනේ..
හැම පාරම 1000 ගාණක් මේකට Apply කරනවා..Interview වලට හොදට මූන දීල ලකුණු වැඩිපුර ගන්න බලන්න ඕනේ හැම වෙලාවෙම..
මේ ඔක්කොම පාස් උනාට පස්සේ ඔයාලට පුලුවන් Cadet Officer කෙනෙක් විදිහට අපේ ගුවන් හමුදාවට එකතු වෙන්න..


වැඩි විස්තර වලට Airfore.lk web site එකට ගිහිල්ලම බලන්නකෝ..

15 ක් මෙහෙම කියලා:

  1. කාලයක් මගෙත් හීනයක් වෙලා තිබුණා!!!

    ReplyDelete
  2. @.ChAnDiKa.. :හ්ම්ම්ම්ම් මගෙත් එහෙමම තමයි..පොඩි කාලේ ඉදන් ගොඩක් ආස කරා පයිලට් කෙනෙක් වෙන්න..

    ReplyDelete
  3. ගොඩක් කොල්ලොන්ගේ පොඩි කාලේ හීනයක්!

    ReplyDelete
  4. @ විසිතුරු : හැබෑ කරගන්නත් එච්චර අමාරුම නෑ ඒ හීනේ..ඒත් අපිනම් දැන් වයසයි නොවැ ;-)

    ReplyDelete
  5. මේකේ තියෙන්නෙ Gazet කරලා තියන සුදුසුකම් විතරයි නේ.... මිට වඩා සුදුසුකම් ගොඩාක් ඕන වෙනවා.විශේෂයෙන්ම Mntal & physical Health එක. Pilot කෙනෙක් වෙන එක අපි හිතුවට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එකට උපතින්ම ලබාපු හැකියාවන් තියෙන්න ඕනේ.

    ReplyDelete
  6. @Saman: ඔව් මේවා මූලික සුදුසුකම් විතරයි..ගොඩක් අය හිතාගෙන ඉන්නේ මීටත් වඩා ගොඩක් සුදුසුකම් ඕනේ කියලයි..මමනම් විශ්වාස කරන්නේ උපතින් ලබපු දේට වඩා ඕනෙම දේකට උත්සාහය තමයි වැදගත්..

    ReplyDelete
  7. අම්මො බය හිතෙන සබ්ජෙක්ට් එකක්... මගෙ මිතුරියක් විවාහ වෙන්න මාසයකට කලින් ඇගේ පෙම්වතා මියගියා ඔහුගෙ හෙලිකොප්ටරය කඩාගෙන වැටිලා. ඔහු ප්‍රහාරක හෙලිකොප්ටර් නියමුවෙක්. චාමික කිව්ව වගේ ශාරීරිකව ඔහු ඉතා ශක්තිමත් බවක් පෙන්නුවෙ නැතිවුණත් ගුවන් හමුදාවෙ කැඩෙට් නිලධාරියෙක් විදියට කරපු පුහුණුවීම් ඔහුව ශාරීරිකව වගේම මානසිකවත් ඉතාම ශක්තිවන්තයෙක් බවට පත් කරල තිබ්බ. නමුත් අපි හැමෝගෙම අවාසනාවට ඔහු විවාහ වෙන්න මාසෙකට කලින් අපිව දාල ගියා. ගුවන් නියමුවෙක් වෙන්න නම් තමන්ගෙ පුහුණුවීම් කාලසීමාවෙදි විදින්න වෙන ගැහැට ඔක්කොමත් එක්ක සුපිරි කැඩෙට් නිලධාරියෙක් වෙන්න ඕනි. S 3ක් කිව්වට ඉතින් ඊට වඩා ප්‍රතිඵල තියෙන අයත් එනවනෙ. ඒ හැමදේටම වඩා තමන්ට අනන්‍ය වෙච්ච සුපිරි ඔරිජිනල් පෞර්ෂත්වයක් තියෙන්නම ඕනි.

    ReplyDelete
  8. @සංජු: අනේ යාලුවා ගැනනම් දුකයි..:-(
    ..ඔව් ඔව් ඔයා හරි..මම ගුවන් හමුදාවේ පුහුණු වෙලා නැති උනත් ආමි එකේ කැඩෙට් කෙනෙක් විදිහට පුහුණු වෙලා තියනවා..ඇත්තටම පුහුණුවේදි අපේ හැම දෙයක්ම ශක්තිමත් කරනවා..ඒ වගේම ඉන්ටර්වීව් වලදි අපි කන හැටි,අදින හැටි වගේම යන හැටි හිටන් බැලුවා..මම දන්න විදිහට ගුවන් හමුදාවෙත් ඒ වගේමයි..S3 නෙවෙයි සමහර වෙලාවට A3 තියන අයත් එනවනේ ඒකනේ අවුල :-)..ස්පෝර්ට්ස්, ඒ වගේම අනිත් පැති වලින් තමයි එතකොට වැඩි ලකුණු ගන්න ඕනේ..

    ReplyDelete
  9. ඔව් ඔව් මල්ලි රස්සවක් ගැන හිතන්න කලින් හොදට ඉගෙනගෙන ඉන්න..ඒක තමයි හොද ජොබ් එකක් හොයාගන්න තියන ලේසිම ක්‍රමේ..

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. ප්‍රහාරක ගුවන් නියමුවෙක් වෙන්න නම් ගොඩක් සුවිශේෂී හැකියවන් බලපානව. ඒවත් දෙකට බෙදෙනවනෙ air figter/ ground attack කියල මේවටනම් ගොඩක් උපතින් එන දක්ෂකම් බලපානව. අපට තාම එයාර් පයිටර් වලට තියෙන්නෙ f-7 විතරයි. මේකෙ මිසයිල් 2යි ගෙනියන්ඩ පුවුවන්(හැබැයි මේ අවුරුද්දෙ JF-17 ගන්නවලු)මේකට මිසයිල් 6ක් ගෙනියන්ඩ පුලුවන්.මේව පුහුණු වෙන්ඩ ගොඩක් මානසික එකාග්‍රතාව බලපානව. ඒ කියන්නෙ මේවලින් පහර දෙන්නෙ එක තැන තියෙන ඉලක්කයකට නෙමෙයි. තවත් ඒ වගේම ප්‍රහාරක ගුවන් යානා වලට. පැයට 1500කි.මී වඩා වේගෙන ගමන් ගන්න යානා පස්සෙ එලවල තමයි පහර දෙන්ඩ වෙන්නෙ. හිතාගන්ඩ පුලුවන්නෙ කොහොම සටනක්ද කියල.ඉස්සරහට අපටත් දැකගන්ඩ ලැබේවි මේවල පුහුණුවීම් අපේ අහසෙ.

    ReplyDelete
  12. A\L වලට අනිවා maths කරන්න ඕනද? වෙන එකක් කරලා apply කරන්න බැරිද?

    ReplyDelete
  13. A/L valata technology karala pilot kenek venna barida?

    ReplyDelete
  14. A/L valata technology karala pilot kenek venna barida?

    ReplyDelete

 

මම ගැන

My photo
මම විශ්ව.මගේ පිටුව ගැන ඔයාලගේ අදහස් මට කියන්න මෙන්න මගේ e mail address එක vishwa6119@gmail.com