Pages

Thursday, November 24, 2011

මෙහෙමත් මිනිස්සු....

ඒ කාලේ ඉදන්ම ලංකාව කියන්නේ තමන්ට වඩා අනුන් ගැන හිතපු,පරාර්ථකාමී මිනිස්සු හිටපු රටක්නේ.
ඒත් මටනම් හිතෙන හැටියට අද අපේ රට ගොඩාක් වෙනස් වෙලා..


මට එහෙම හිතුනේ මේ හින්දා,
දැන් දවස් දෙකකට කලින් අපේ ලොකු මාමා බයික් එකේ යද්දී ත්‍රී වීලර් එකක හැප්පිලා.හැප්පුන විදිහට එක කකුලක් කෑලි තුනකට කැඩිලා තවත් ගොඩක් තුවාලත් වෙලා..මේ වෙද්දිත් ඉස්පිරිතාලේ අයි.සී.යූ එකේ සිහිය නැතුව ඉන්නේ..
ඇක්සිඩන්ට් එකක් උනාම මුලින්ම කරන්න ඕනේ තුවාල කාරයෝ ඉන්නවනම් ඉස්පිරිතාලේ යවන එකනේ..

ඔය ඇක්සිඩන්ට් එක උන තැන ඉදන් ඉස්පිරිතාලෙට පැය බාගෙක දුරක් තියෙන්නේ..
කොහොමහරි මේකට සම්බන්ධ ත්‍රී වීලර් ඩ්‍රයිවරුත් ඔය ගමේම කෙනෙක්..
ඉතින් එයා වැරදි කාරයා වෙයි කියන බයට වෙන්න ඇති,
මේ මිනිස්සු ලෙඩාව පැය එක හමාරක් යනකම් ඉස්පිරිතාලෙට ඇරන් ගිහින් නෑ..කොහොමහරි ලෙඩාව ඉස්පිරිතාලෙට ඇරගෙන යනකොට ගොඩක් ලේ ගිහින්..
පස්සේ ඔය ඇක්සිඩන්ට් එකට පොලිස් පරීක්ෂණ වලට පොලිසියෙන් එනකොට මේ මිනිස්සු බයිසිකලේ උඩින් කසිප්පු පැකට් එකකුත් තියලා මාමා බීලා බයිසිකලේ ඇවිත් තියෙන්නේ කියලා පෙන්නන්න..තව මාමා ලග තිබ්බ මුද්දක්,පර්ස් එකේ තිබ්බ සල්ලි ඉස්පිරිතාලෙට එනකොට අතුරුදහන් වෙලා..
හරි වැ‍රැද්ද කෙසේ වෙතත් අනතුරක් උනාම  තමන් බේරෙන්න මනුස්සයෙක් මැරෙන්න ඇරලා අතේ තියන මුද්දයි සල්ලි ඇර ගත්ත මේ වගේ මිනිස්සු අපේ රටේ ඉන්න එක ගොඩාක් දුකට කාරණයක්..
ඔය මොනවා උනත් ඊයේ මාමාගේ කකුල කපන්න සිද්ද උනා..
ඒ වගේම අපේ මාමාගේ දැන් වයස අවුරුදු 60ක් විතර වෙනවා..ඒ අවුරුදු 60න් 40කටත් වඩා මෙයා බයික් පැද්දා ඔය වෙනකන් කිසිම අනතුරක් නැතිව..
මනුස්සයෙක්ට වැරදෙන්න යන්නේ තත්පරේකටත් වැඩිය අඩු කාලයක්..ඒක නිසා බයික් පදින යාලුවෝ තව ටිකක් පරෙස්සමෙන් පාරේ යන්න කියලා මම ඉල්ලනවා

Sunday, October 30, 2011

අගහරුවාදා,සිකුරාදා Funeral ගන්නේ නැත්තේ ඇයි??

අද මම කියන්න යන දේ ගැන ඔයාලගෙත් අදහස්,විවේචන තියෙන්න පුලුවන්..සමහර විට මම හේතුව නොදැන ඉන්නත් පුලුවන්..
හරි හරි එහෙනම් කතාව කියලම ඉමුකෝ හරි වැ‍රැද්ද අහගන්න..
කස්ටියම දන්නවනේ ගොඩක් පැති වල කවුරුහරි මැරුණම මිනිය ගෙට ගන්නෙවත්,වලලන්නෙවත් නෑ අගහරුවාදා,සිකුරාදා දවස් වල..
ගොඩක් වෙලාවට හේතුව ඇහුවම වැඩිහිටියොත් කියනවා ඒ කාලේ ඉදන්ම එහෙම තමයි කියලා..
සමහරු කියනවා ඒක අසුභයිලු..
තව අය කියනවා ජීවිත කාලෙම ඕනේ වෙලාවක ගෙදර ආපු මනුස්සයා මැරුනාම විතරක් ඒ දවසට ගෙට ගන්නේ නැත්තේ ඇයි කියලා..
මේ ගැන පොඩ්ඩක් කරුණු දන්න කෙනෙක් මට මෙහෙම කිව්වා..ඉතින් මම කතාව කියන්නම්කෝ..

Saturday, October 29, 2011

හෆ්ෆේ ගිය දවස් වල තිබ්බ වැඩ වල හැටියට මේ පැත්තේ නිකමටවත් ඇවිත් යන්න බැරි උනානේ..
මකුලු දැල් හැම තැනම..Full සුද්දයක් දාන්ඩ වෙයි වගේ..
මට මේ ෆොටෝ එක එවලා තිබ්බේ යාලුවෙක්..ඒත් ඒකෙන් අපේ ජීවිතේ කියන්නේ  කොච්චර අස්ථිර දෙයක්ද කියලා හිතෙනවා..
මේ කරන කියන හැම දේම අපි ඉන්න මේ ටික කාලේ විතරක් තියේවි..ඒත් අපි කරන හොද හරි නරක හරි අවුරුදු 1000 ගණනක් තිස්සේ පවතීවි..

Thursday, September 8, 2011

බලපියව් බොLove මේ වගේ මැසේජ් කියවන්නේ රිLove"

ඔන්න යාලුවනේ මේ ඉතින් මට යාලුවෝ එවපු Fun SMS වගයක්..සමහර ඒවනම් ඔයාල ලගත් ඇති..ඒත් නැති ඒවත් ඇතිනේ..ඒකයි මේ ටික බ්ලොග් එකට දාන්න හිතුනේ,

1.අකුරු 4න් මනස පැටලිලා..."මං එයාට Love,එයා මට Love..දෙයියනේ බLove,දෑවද්ද හින්දා ඉLove,ජීවිතේට කෙල්ලො දිහා නෝබLove..මම දෙයියන්ට කරන්නේ කන්නLove..බලපියව් බොLove මේ වගේ මැසේජ් කියවන්නේ රිLove"


2.මම අද බැන්දා,කාටවත්ම කියන්න බැරි උනා..තරහ වෙන්නනම් එපා..කලින් කියන්න බැරි උනේ හදිසි තීරණයක් නිසයි..ඒකෙන්වත් මගේ හිතට සැනසීමක් ලැබෙයිද බලමු..එයානම් සුදුම සුදුයි..ආසාවේ බෑ..නිතරම මගේ අතේ එල්ලිලා ලගම ඉදීවි..පන්සලේදි තමයි අපි බැන්දේ..
ආ...පිරිත් නූල ගොඩක් බලවත් හොදද??  


3.තමුසෙට පිස්සුද??තමුසේ එකක් මතක තියා ගන්නවා..තමුසෙගේ හැම වැ‍රැද්දක්ම මම හිතේ තියාගෙන හිටියේ තමුසෙට බයේ නෙවෙයි,මම කට වහගෙන හිටියේ මනුස්සකමට..තමුසේ මෝඩම මෝඩ මැටි වලහෙක්..දැන ගන්නවා අදින් පස්සේ තමුසෙත් එක්ක මගේ කිසිම ගනුදෙනුවක් නෑ..
ඔන්න ඔහොමලු වලස් නැන්දා වලස් මාමට බැන්නේ..පව් නේද වලස් මාමා??


4.Short Story..
Two Friends! Mr.See and Mr.Saw..One day Mr.see saw sea & Mr saw didn't saw sea..see saw sea & jumped in sea..saw didn't see sea but jumped in sea..see saw saw in sea & saw saw see in sea..see saw both saw sea and both happy to see sea THE END :-)


5.සල්ලි නෑ..පුලුවන් ඉක්මනට මට කෝල් කරන්න..හුගක් නරක ආරංචියක් තියනවා ඔයා ගැන..(පේජ් එකක් විතර ඉඩ තියලා මේ ටික ගහන්න)

sender:
Osama Binladen
+9361500085

(මේක මම ජෝක් එකට එව්වේ හොදේ) යාලුවන්ට මේ එක යවලා බලන්න යාලුවෝ කී දෙනෙක් සම්පූර්ණ එක කියවන්නේ නැතුව කතා කරයිද කියලා



මේකේ අන්තිම එකනම් ප්‍රතිඵල අත් දු‍ටුවයි ප්‍රත්‍යක්ෂයි හොදේ.....:-)

Wednesday, August 31, 2011

කැමතිද පයිලට් කෙනෙක් වෙන්න??

ඔන්න ටික දවසකින් මම ටිකක් Free උනා..ගොඩක් දවසකින් බ්ලොග් එකට පෝස්ට් එකක් දාන්නත් බැරි උනානේ වැඩ නිසා
මම අද  කියන්න හදන්නේ කොහොමද ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පයිලට් කෙනෙක් වෙන්නේ කියලා..හැබැයි ඉතින් මේක වැදගත් වෙන්නේ අවුරුදු 22ට අඩු අයට විතරයි..
ගොඩක් අය හිතන්නේ පයිලට් කෙනෙක් වෙන්න ගොඩක් සුදුසුකම් තියෙන්න ඕනේ කියලයි..ඒක එහෙමම නෙවෙයි..මම කියන්න යන්නේ මේකට ඕන අවම සුදුසුකම් ගැනයි..


මේවා තමයි ඕනෙ වෙන මූලික සුදුසුකම්,

1. ශ්‍රී ලාංකික පුරවැසියෙක් වීම
2. අවිවාහක වීම
3. අවුරුදු 18ත් 22ත් අතර වීම
4. උස අඩි 5යි අගල් 6ට වඩා වැඩි වීම
5. ශරීර ස්කන්ධ දර්ශකය 25ට වඩා අඩු වීම (බර Kg /උසේ වර්ගය m)
6. ඇස් පෙනීම 6/6
මූලිකවම ඕනෙවෙන අධ්‍යාපන සුදුසුකම් තමයි අ.පො.ස (සා/පෙළ) විභාගයට S පාසස් 6ක් ඒ අතර C 4ක් තියෙන්න ඕනේ ගණිතය,විද්‍යාව,ඉංග්‍රීසි වලටත් එක්ක..

අ.පො.ස (උ/පෙළ) විභාගයට S පාසස් 2ක් ඕනේ (කැළනි කැම්පස් එකෙන් දෙන Degree එක ගන්නනම්  S 3ක් තියෙන්න ඕනේ)
මේ සුදුසුකම් තියන ඕනේ කෙනෙක්ට වේකන්සීස් හැම අවුරුද්දෙම ගැසට් කලාම Apply කරන්න පුලුවන්..
ඒත් මතක තියාගන්න ගොඩක් හොදට Exam කරපු අයත් Interview වලට එනවා..
මේ ඇරුනම ජාතික මට්ටමෙන් ක්‍රීඩාවක් එහෙම කරල තියනවනම් Interview වලදි ඒවට ලකුණු හම්බෙනවා..
ඒ වගේම ඇස් පෙනීම වගේ ඒවා හරියටම බලනවා Medical එකේදි..
තව පිසිකල් ටෙස්ට් එකකුත් තියනවා ඒකත් පාස් වෙන්න ඕනේ..
හැම පාරම 1000 ගාණක් මේකට Apply කරනවා..Interview වලට හොදට මූන දීල ලකුණු වැඩිපුර ගන්න බලන්න ඕනේ හැම වෙලාවෙම..
මේ ඔක්කොම පාස් උනාට පස්සේ ඔයාලට පුලුවන් Cadet Officer කෙනෙක් විදිහට අපේ ගුවන් හමුදාවට එකතු වෙන්න..


වැඩි විස්තර වලට Airfore.lk web site එකට ගිහිල්ලම බලන්නකෝ..
 

මම ගැන

My photo
මම විශ්ව.මගේ පිටුව ගැන ඔයාලගේ අදහස් මට කියන්න මෙන්න මගේ e mail address එක vishwa6119@gmail.com