Pages

Wednesday, August 31, 2011

කැමතිද පයිලට් කෙනෙක් වෙන්න??

ඔන්න ටික දවසකින් මම ටිකක් Free උනා..ගොඩක් දවසකින් බ්ලොග් එකට පෝස්ට් එකක් දාන්නත් බැරි උනානේ වැඩ නිසා
මම අද  කියන්න හදන්නේ කොහොමද ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පයිලට් කෙනෙක් වෙන්නේ කියලා..හැබැයි ඉතින් මේක වැදගත් වෙන්නේ අවුරුදු 22ට අඩු අයට විතරයි..
ගොඩක් අය හිතන්නේ පයිලට් කෙනෙක් වෙන්න ගොඩක් සුදුසුකම් තියෙන්න ඕනේ කියලයි..ඒක එහෙමම නෙවෙයි..මම කියන්න යන්නේ මේකට ඕන අවම සුදුසුකම් ගැනයි..


මේවා තමයි ඕනෙ වෙන මූලික සුදුසුකම්,

1. ශ්‍රී ලාංකික පුරවැසියෙක් වීම
2. අවිවාහක වීම
3. අවුරුදු 18ත් 22ත් අතර වීම
4. උස අඩි 5යි අගල් 6ට වඩා වැඩි වීම
5. ශරීර ස්කන්ධ දර්ශකය 25ට වඩා අඩු වීම (බර Kg /උසේ වර්ගය m)
6. ඇස් පෙනීම 6/6
මූලිකවම ඕනෙවෙන අධ්‍යාපන සුදුසුකම් තමයි අ.පො.ස (සා/පෙළ) විභාගයට S පාසස් 6ක් ඒ අතර C 4ක් තියෙන්න ඕනේ ගණිතය,විද්‍යාව,ඉංග්‍රීසි වලටත් එක්ක..

අ.පො.ස (උ/පෙළ) විභාගයට S පාසස් 2ක් ඕනේ (කැළනි කැම්පස් එකෙන් දෙන Degree එක ගන්නනම්  S 3ක් තියෙන්න ඕනේ)
මේ සුදුසුකම් තියන ඕනේ කෙනෙක්ට වේකන්සීස් හැම අවුරුද්දෙම ගැසට් කලාම Apply කරන්න පුලුවන්..
ඒත් මතක තියාගන්න ගොඩක් හොදට Exam කරපු අයත් Interview වලට එනවා..
මේ ඇරුනම ජාතික මට්ටමෙන් ක්‍රීඩාවක් එහෙම කරල තියනවනම් Interview වලදි ඒවට ලකුණු හම්බෙනවා..
ඒ වගේම ඇස් පෙනීම වගේ ඒවා හරියටම බලනවා Medical එකේදි..
තව පිසිකල් ටෙස්ට් එකකුත් තියනවා ඒකත් පාස් වෙන්න ඕනේ..
හැම පාරම 1000 ගාණක් මේකට Apply කරනවා..Interview වලට හොදට මූන දීල ලකුණු වැඩිපුර ගන්න බලන්න ඕනේ හැම වෙලාවෙම..
මේ ඔක්කොම පාස් උනාට පස්සේ ඔයාලට පුලුවන් Cadet Officer කෙනෙක් විදිහට අපේ ගුවන් හමුදාවට එකතු වෙන්න..


වැඩි විස්තර වලට Airfore.lk web site එකට ගිහිල්ලම බලන්නකෝ..

Thursday, August 25, 2011

ලෝකයේ පොඩිම සුරංගනා කතාව!!

ඔන්න එකෝමත් එක කාලෙක ලස්සන කුමාරියෙකුයි,කුමාරයෙකුයි හිටියා..


කුමාරයා දවසක් කුමාරිගෙන් ඇහුවා ඔයා මට ආදරේද කියලා..


කුමාරි ගත් කටටම බෑ කිව්වා..


ඉතින් ඊට පස්සේ කුමාරයා සතුටින් බොහෝ කලක් ජීවත් උනා.. :p

Thursday, August 18, 2011

60 පිරුනත් බිමින් නොයන අපේ ගුවන් හමුදාව - 1

ඔන්න ඉතින් ගොඩක් දවසකින් පෝස්ට් එකක් දැම්මෙත් නෑනේ ඒක නිසා මම හිතුවා පොඩ්ඩක් වෙනස් විදිහේ දෙයක් ගැන ලිපියක් දාන්න..ඇත්තටම බ්ලොග් ලියන අනිත් යාලුවෝ දිහා බැලුවාම හිතෙනවා ඒ වගේ ලිපි ලියන්න මුන් කොහෙන් වෙලාව හොයාගන්නවද කියල (හික්ස් :D)
හරි හරි ඔය කතා කරා ඇති..
මම මේ ලිපිය ලියන්නේ අපේ ගුවන් හමුදාව ගැන,අපේ ගුවන් හමුදාව දැනට පාවිච්චි කරන ගුවන් යාන එහෙම ගැන..
දන්නවද යාලුවනේ අපේ රටේ ගුවන් හමුදාවක් මුලින්ම පිහිටවල තියෙන්නෙ 1951..ඒ කියන්නේ දැන් අවුරුදු 60ක්ම වෙනවා නොවැ..(ඒ උනාට ඉතින් තාමනම් බිමින් යන පාටක් නෑ වගේ) :D

(1)BELL-206
හරි..අපි මුලින්ම පටන් ගමුකෝ ගුවන් නියමුවෝ පුහුණු කරන හෙලිකොප්ටරේකින්ම,
ඒ තමයි BELL-206 හෙලිකොප්ටරය
මේ හෙලියට පුලුවන් පැ.කි.මි 193 ක වේගෙන් යන්න,උස අඩි 10ක් විතර වෙනවා,
නියමුවොයි මගීනුයි 5ක් මේකෙ එක පාරකට යන්න පුලුවන්..
මේකක් මුලින්ම  ලංකාවට ගෙනත් තියෙන්නෙ 1969
අද වෙනකන්ම මෙයා අපේ ගුවන් නියමුවෝ පුහුණු කරන්න විශාල කාර්යභාර්යක් කරපු කෙනෙක්



(2)BELL212 & 412
හරි අපි දැන් බලමුකෝ තවත් ගොඩක් වැදගත් කෙනෙක් ගැන..මෙයා තමයි BELL 212 කියන්නේ..
මෙයාවනම් ඔයාල හොදට අදුරන කෙනෙක් යාලුවනේ..ඔය ලැව් ගිනි 
(ලව් ගිනි එහෙම නෙවේ හොදේ :D) එහෙම උනාම උඩින් වතුර දාන්නේ මෙයා තමයි..
මෙයාගේ උපරිම වේගේ පැ.කි.මි 258ක් විතර වෙනවා
13දෙනෙකුට යන්න පුලුවන්..යුද්ධෙ දවස් වල මෙයා තමයි ඉස්සරහටම ගිහින් අපේ තුවාල උන අය ගෙනාවේ,
1984 තමයි මුලින්ම එකක් මෙහාට ගෙනත් තියෙන්නේ..
තව පොඩ්ඩෙන් අමතක වෙනව නොවැ..මෙයාට ඉන්නවා නිවුන් සහෝදරයෙක් එයා තමයි BELL 412..ඔයාල දැකල තියනවනේ යාලුවනේ අපේ ප්‍රභූවරු යන හෙලිකොප්ටරේ..ඒක තමයි මේ BELL 412 කියන්නේ..

Saturday, August 13, 2011

අපි මෙච්චර දුක් වින්දට Fail වෙන්නේ අපි විතරද??

වැහි දිය මහ බිම තෙමුවට බිම තෙමන්නේ වැහි විතරද??
රෑ අහසේ තරු තිබුනට තරු තිබෙන්නේ රෑ විතරද??
විහගුන් පෙම් ගී ගැයුවට ගී කියන්නේ උන් විතරද??
අපි මෙච්චර දුක් වින්දට Fail වෙන්නේ අපි විතරද??


උස අත්තක මලක් වගේ Science කෙරුවෙ උඩින් ඉන්න..
අවසානෙට උරුම උනේ විභාගේට මල් අදින්න..
Science කරල අපි හිතුවේ වැඩි පඩියට Job කරන්න
අවසානෙට සිද්ධ උනේ ගස් නැගලා පොල් කඩන්න..



Wednesday, August 10, 2011

වැ‍රැද්ද කාගෙද??

 ඔන්න ඉතින් මමත් ඔහොම හිටියට නියම ක්‍රිකට් පිස්සෙක් තමයි..ගිය 8 වෙනිදා පල්ලෙකැලේ තිබ්බ T-20  මැච් එක බලන්න අපේ සෙට් එකත් ගියා..කස්ටියම නියම Fun එකක් ගත්තා..ඒත් මැච් එකෙන් පස්සේ Groundඑක තිබ්බ විදිහ දැක්කමනම් ටිකක් දුක හිතුනා..
මේකේ වැ‍රැද්ද කාගෙද??
1. කුණු දාන්න හරි හමන් තැනක් හදල නොතිබ්බ බලධාරීන්ගෙද?
2. කුණු දාපු මිනිස්සුන්ගෙද?
3. නැත්තම් මේ අහක යන ප්‍රශ්නයක් ඔලුවේ දාගෙන දගලන මගේද??


හැබැයි මටනම් හිතෙන්නේ අපි අපේ රට  ගැන මීට වඩා පොඩ්ඩක් හිතුවනම් හොදයි කියලයි..

Saturday, August 6, 2011

සදා අමතක නොකරමු රණවිරුවන්......

යුදධය නිමා වී දෑ අවුරුද්දකටත් වඩා ගතව ගොස් ඇත..මීට ටික කලකට ඉහත ජනමාධ්යන් වල ප්‍රධාන මාතෘකාවක් වූ රණවිරුවන් ඔබට මතකද??
නමුත් අද ඔවුන් ගැන වැඩි කතා බහක් නැතත් තවත් විශාල රණවිරුවන් පිරිසක් රෝහල් වල ප්‍රතිකාර ලබති..
බොහෝ පිරිසක් අත්,පා ඇස් අහිමිව සිටිති..මෙයින් මට හමුවූ සොදුරු පුද්ගලයෙක් ගැන ඔබට මෙසේ කියමි..

මම යුද්ධයට සහභාගී නොවුනත් යුද හමුදා පුහුනුවේදී තුවාල ලැබීම නිසා රෝහල්ගතව සිටියෙමි..මේ කාලය තුල මගේ අසල්වාසියා වූයේ මොහුයි..නිලයෙන් කපිතාන් වරයෙකු වූ ඔහු පදක්කම් විශාල ප්‍රමාණයකින් පිදුම් ලබා ඇත,පුහුණු සමයේදී සෑම අතින්ම දක්ෂ කැඩෙට් නිළධාරී සම්මානයද හිමි කරගෙන ඇත..
එදා කාගේත් ආදරයට පාත්‍ර වූ මොහු කොදු නාරටිය හරහා වැදුනු වෙඩි පහරකින් සුසුම්නාව හානි වීම නිසා අද ඔත්පලව එක්තැන්ව සිටී.. නිතරම සිනාවෙන් කල්ගත කරත් ඔහුගේ හිතේ ඇති වේදනාව රාත්‍රියේ ඔහුගේ ඉකිබිදුම් අසා සිටින මා හොදාකාරව දනී..
දෙමාපියන් මිය ගොසිනි,සහෝදර සහෝදරියන් සිටියත් ඔවුන් මොහුව බලන්නට එන්නේ නැත.
.මගේ අම්මා මාව බලන්න වාට්‍ටුවට එන දින වලදී 'අම්මා' යනුවෙන් ඔහු මගේ අම්මාට කතා කරන විට හදවත තුල කිය ගත නොහැකි තරමේ දුකක් ඇතිවේ..ඔහු මේ ඉරණමට මුහුණ පෑවේ අප වෙනුවෙනි..මේ තවත් දහසක් රණවිරුවන් අතරින් එක් අයෙක් පමණි..ඔවුන් සදා කල් අමතක නොකරමු..

Thursday, August 4, 2011

ඇත්ත නැත්ත

හොදට බලන්න..
මොනවද හිතෙන්නේ?? වාහනේ වැරදි තැනක පාර්ක් කරලා පොලීසියත් ඉදිද්දිම නේද??? 


ඒත් ඔයා වැරදියි..
මේ පොලිස් officer කිහිප පාරක්ම ඇවිත් වාහනේ අයිතිකාරයාව හෙව්වා වැරැද්ද පෙන්නලා දෙන්න..එයා  ටිකක් ඈතට ගියේ අයිතිකාරයා නැති නිසයි.. 


බලන්න ෆොටෝ එක්කට කරන්න පුලුවන් දෙයක් ..
කෙනෙක් වැරදිකාරයෙක් කරන්න, ඇත්ත එලි කරන්න, ඒ වගේම කෙනෙක් ගැන වැරදි චිත්‍රයක් මවන්න ෆොටෝ එකකට පුලුවන්.. 


මේ දවස් වල හොද topic එකක්නේ Channel 4 video එක.. 
මේ video එකෙත් ඇත්ත නැත්ත, අපේ හමුදාව සහෝදර දෙමළ වැසියන්ට සලකපු හැටි  ශ්‍රී ලාංකිකයෝ හැටියට අපි  දන්නවා.. 


Channel 4 එක කොහොම කිව්වත් ඇත්ත කවදාක හරි එලි වේවි.. 


 

මම ගැන

My photo
මම විශ්ව.මගේ පිටුව ගැන ඔයාලගේ අදහස් මට කියන්න මෙන්න මගේ e mail address එක vishwa6119@gmail.com