Pages

Sunday, October 30, 2011

අගහරුවාදා,සිකුරාදා Funeral ගන්නේ නැත්තේ ඇයි??

අද මම කියන්න යන දේ ගැන ඔයාලගෙත් අදහස්,විවේචන තියෙන්න පුලුවන්..සමහර විට මම හේතුව නොදැන ඉන්නත් පුලුවන්..
හරි හරි එහෙනම් කතාව කියලම ඉමුකෝ හරි වැ‍රැද්ද අහගන්න..
කස්ටියම දන්නවනේ ගොඩක් පැති වල කවුරුහරි මැරුණම මිනිය ගෙට ගන්නෙවත්,වලලන්නෙවත් නෑ අගහරුවාදා,සිකුරාදා දවස් වල..
ගොඩක් වෙලාවට හේතුව ඇහුවම වැඩිහිටියොත් කියනවා ඒ කාලේ ඉදන්ම එහෙම තමයි කියලා..
සමහරු කියනවා ඒක අසුභයිලු..
තව අය කියනවා ජීවිත කාලෙම ඕනේ වෙලාවක ගෙදර ආපු මනුස්සයා මැරුනාම විතරක් ඒ දවසට ගෙට ගන්නේ නැත්තේ ඇයි කියලා..
මේ ගැන පොඩ්ඩක් කරුණු දන්න කෙනෙක් මට මෙහෙම කිව්වා..ඉතින් මම කතාව කියන්නම්කෝ..

අපේ රට ඉන්දියාවත් එක්ක ඉස්සර ඉදන්ම ගොඩක් ලොකු සම්බන්ධයක් තියනවනේ..
ඉතින් ඉන්දියාවෙ කට්ටිය මැරුණම එයාල ගොඩක් වෙලාවට කරන්නේ පුච්චන එකනේ..පුච්චලා කොහෙ හරි ගගක අලු පා කරනවලු..
ගොඩක් වෙලාවට එයාලා මේකට ගන්නේ ගංගා කියන ගග..
ඉන්දියාවේ පූජකයෝ නාන්න යන්නේ මේ ගංගා වගේ ගගවල් වලටලු..
එයාලා නාන්නේ අගහරුවාදා සිකුරාදා විතරලු..ඉතින් ඒ දවස් වලට ඉන්දියාවේ ගොඩක් ගංගා වල අලු පා කරන්න තහනම්ලු..
ඒක නිසා ඉන්දියාවේ මේ දවස් දෙකේ ‍ෆියුනරල් ගන්නේ නැතිලු..
කොහොමින් කොහොම හරි මේක ලංකාවටත් ඇවිත් අපිත් ඒ දවස් දෙකේ මේවා කරන්නේ නැතිලු..
බලාගෙන යනකොට ඉන්දියාවේ ගංගා වල පූජකයෝ නාන නිසා අපිත් මෙහෙ මිනී ගෙට ගන්නේ නැතිලු :D
ඔය මම අහගත්ත ටික හොදේ..වැරදිනම් බනින්නේ නැතුව කියලා දෙන්නකෝ

8 ක් මෙහෙම කියලා:

  1. අලු විතරක් නෙවෙයි අයිතිකාරයො නැති මිනි භාගෙට පුච්චලත් දානවලු , කොවුර්ගෙ පොතක තියනව මිනිස් අතක කැල්ලක් (භාගෙට පුච්චපු ) ගංගා නම් ගඟේ පාවෙලා ආපු සීන් එකක් . මාත් දන්න තරමින් ඕක තමයි සීන් එක . අපේ ගොන් හැත්ත මේලෝ තේරුමක් නැතුව කරගෙන ගියාට . හැබැයි ගැස් ආදාහනාගාර ආවට පස්සෙ නම් නාඩරිකව ටිකක් අඩුයි ඔය මත . සිකුරාදටත් ආදාහනාගාර වල වැඩ තියනව මම දැකල තියෙයි

    ReplyDelete
  2. මමත් ඔය කතාව නම් අහලා තියනවා. පිට රටකින් එන ඕන දෙයක් කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නැතුව බදාගන්න අපේ අය ගැන හිතනකොට ඔය කතාව ඇත්ත කියලා හිතෙනවා

    ReplyDelete
  3. අහ්හ්.. මම ඕක අහල තිබ්බට එහෙම අගහරුවාදා සිකුරාදා ෆියුනරල් ගන්නෙ නැත්තෙ ඇයි කියලා දැනගෙන උන්නෙ නෑ.. නියම කතාවක්නෙ.. ස්තූතියි අයියේ...

    ReplyDelete
  4. @ බුවාගේ සිතුවිලි:ඔව් ඔව් මමත් හිතන්නේ ඔහොමම තමයි..ගෑස් ආදාහනාගාර වලින් හරි කමක් නෑ ඔය වගේ දේවල් නැති වෙලා යනවනම් ලොකු දෙයක්..

    @ අම්බලම:ඒක ඇත්ත යාලු..පිට රටකින් එන හැම දේම නැතුව හොද දේවල් විතරක් බේරලා ගන්නවනම් මේ රට තවත් ලස්සන වේවි..

    @ හිතුවක්කාරි:හී හී :-) තැන්ක් යූ හිතූ නංගෝ මේ පැත්තේ ආවට..

    ReplyDelete
  5. මම අහලා තිබුනෙත් ඔහොමම තමා.. ඒකෙත් හැටි බලමුකෝ බැරිවෙලාවත් ඔය පුජකයෝ හැමදාම නැවා නම් එහෙම අපිට වෙන්නේ නොමැරි ඉන්න තමා ඇයි දෙවියනේ මෙහෙමත් වැඩ

    ReplyDelete
  6. හික්ස් තිත් දෙකයි ඩී කිව්වලු..ඒක තමයි මචන්..

    ReplyDelete
  7. අඟහරුවාදා සිකුරාදා මලගෙවල් අස්කිරීමට බියක් දැක්වීමට හේතුව මෙහි දක්වා ඇති කාරණාව විය හැකියි.දියවක,සතවක හෝ දොලොස්වක යන භද්‍රා තිථි තුනෙන් තිථියක් හා කැති උත්‍රපල්,උත්‍රසල,පුනාවස,විසා,පුවපුටුප නැකැත් වලින් නැකතක් යෙදෙන අඟහරුවාදා,සෙනසුරාදා,ඉරිදා දිනවල ත්‍රිපුෂ්කර යෝගය යෙදීම නිසා එම දිනවල මලගෙවල් අස්කිරීම අසුභ බව ජ්‍යොතිෂයේ සදහන්වේ.මෙම ත්‍රිපුෂ්කර යෝගය යෙදෙන වෙලාවල සිදුකෙරෙන ක්‍රියා තුන් ගුනයකින් වැඩිවන බව කියන නිසා මරණයක් අස්කල විට ඒ ආසන්නව මරණ තුනක් සිදුවන බව කියයි.(මෙම ත්‍රිපුෂ්කර යෝගය වගා කටයුතු සදහා යොදා ගනී.)එසේ නොමැතිව අඟහරුවාදා හෝ සිකුරාදා දිනවල මලගෙවල් අස්කිරීම නුසුදුසු බවට ශාස්ත්‍රීය නියමයක් නැත.

    ReplyDelete
  8. ඒ ගැනනම් මම පොඩ්ඩක්වත් දැනගෙන හිටියේ නෑනේ..ගොඩාක් ස්තූතියි අපිට කියල දුන්නට ..ගොඩක් අය සමහර වෙලාවට කෙනෙක් කරන්නං වාලේ කරනවා මිසක් දෙයක් ගැන හොයල බලන්නේ නෑනේ..

    ReplyDelete

 

මම ගැන

My photo
මම විශ්ව.මගේ පිටුව ගැන ඔයාලගේ අදහස් මට කියන්න මෙන්න මගේ e mail address එක vishwa6119@gmail.com