යුදධය නිමා වී දෑ අවුරුද්දකටත් වඩා ගතව ගොස් ඇත..මීට ටික කලකට ඉහත ජනමාධ්යන් වල ප්‍රධාන මාතෘකාවක් වූ රණවිරුවන් ඔබට මතකද??
නමුත් අද ඔවුන් ගැන වැඩි කතා බහක් නැතත් තවත් විශාල රණවිරුවන් පිරිසක් රෝහල් වල ප්‍රතිකාර ලබති..
බොහෝ පිරිසක් අත්,පා ඇස් අහිමිව සිටිති..මෙයින් මට හමුවූ සොදුරු පුද්ගලයෙක් ගැන ඔබට මෙසේ කියමි..
මම යුද්ධයට සහභාගී නොවුනත් යුද හමුදා පුහුනුවේදී තුවාල ලැබීම නිසා රෝහල්ගතව සිටියෙමි..මේ කාලය තුල මගේ අසල්වාසියා වූයේ මොහුයි..නිලයෙන් කපිතාන් වරයෙකු වූ ඔහු පදක්කම් විශාල ප්‍රමාණයකින් පිදුම් ලබා ඇත,පුහුණු සමයේදී සෑම අතින්ම දක්ෂ කැඩෙට් නිළධාරී සම්මානයද හිමි කරගෙන ඇත..
එදා කාගේත් ආදරයට පාත්‍ර වූ මොහු කොදු නාරටිය හරහා වැදුනු වෙඩි පහරකින් සුසුම්නාව හානි වීම නිසා අද ඔත්පලව එක්තැන්ව සිටී.. නිතරම සිනාවෙන් කල්ගත කරත් ඔහුගේ හිතේ ඇති වේදනාව රාත්‍රියේ ඔහුගේ ඉකිබිදුම් අසා සිටින මා හොදාකාරව දනී..
දෙමාපියන් මිය ගොසිනි,සහෝදර සහෝදරියන් සිටියත් ඔවුන් මොහුව බලන්නට එන්නේ නැත.
.මගේ අම්මා මාව බලන්න වාට්‍ටුවට එන දින වලදී 'අම්මා' යනුවෙන් ඔහු මගේ අම්මාට කතා කරන විට හදවත තුල කිය ගත නොහැකි තරමේ දුකක් ඇතිවේ..ඔහු මේ ඉරණමට මුහුණ පෑවේ අප වෙනුවෙනි..මේ තවත් දහසක් රණවිරුවන් අතරින් එක් අයෙක් පමණි..ඔවුන් සදා කල් අමතක නොකරමු..
කාලය අවකාශය හා ජ්‍යොතිෂය -13
5 years ago
ඔව් රණවිරුවන් නැත්නම් ලංකාව තාමත් නිදහස් රටක් නෙමෙයි
ReplyDeleteThankz මල්ලි..මේ තමයි මගේ බ්ලොග් එකේ 1st comment එක..ඔයා හරි මල්ලි ඒත් දන් ගොඩක් අයට ඕව අමතකයිනේ..
ReplyDelete